Tuesday 29 December 2015

මොනවාද මේ "VIRUS" ඔයාලා දන්නවාද???


මොනවාද මේ "VIRUS" ඔයාලා දන්නවාද???
COMPUTER භාවිත කරන ඔයාලා තරයේ මතක තියාගතු හා දැනගත යුතු පණිවිඩයක් දෙන්න හදන්නේ.
ඔයාලා දන්නවද අපේ COMPUTERS වලට වයිරස් එන්නේ අපේම නොදැනුවත්කම නිසයි. ඒ වගේම අපේ විය යුතු දේ පමනක් කරගෙන සිටීමට පුරුදුව සිටීමයි.
අද මම ඔයාලට ඉතාමත් අවබෝදයෙන් කියන්නේ VIRUS එකකින් කියන්න බෑ...VIRUS වලින් බේරෙන්න VIRUS GUARD එකක් දාපු පලියටම බැහැ... අනික ඔය එක එක Tools යොදා ගත්තත් වැඩක් නැහෑ.. ඒ ඇයි කියලත් කියන්නම්කෝ. ඉස්සර VIRUS අපේ Computers වලට ආවම අපේ Computers මන්දගාමී ඒ කියන්නේ Slow වෙනවා..අපි කරන දේ නෙමෙයි වෙන්නේ. On කරලා ගොඩාක් වෙල බලන් ඉන්න ඔනා..ඒක වෙන්නේ System එකේ Login Face ,එකේ (Startup) එකේ ඒ Services Run වෙනවා. ඒවායෙන් අනිත් වැඩවලට බාදා එල්ල කරනවා...ඒ වගේම ඒ Services වලට Procesor eka සහ RAM වැය වෙනවා.. ඒ විතරද? එම Virus වල ස්වභාවය අනුව... අපේ ඩේටා සොරා ගන්නවා...අපේ කොම්පුටෙර් එකේ ඇඩ් වගේ දේවල් Display කරනවා...අපි නොමිලේ ගන්න (Software)
Media Player වගේ දේවලින් ඔය tool bar එහෙම දෙන්නෙ අපිට ආදරේට නෙමේ. අපි වෙනත් වැඩ කරන විට Background එකේ Add පෙන්වනවා. මෙවා Virus නොවුනට virus ගනයට අයත් වෙන නමින් Adware කියා හන්දුන්වනවා. ඔය Popup messages එන්නෙ හිටපු ගමන්..popup කිවේ ඉබේ මතුවෙන...අන්තර්ජාලයෙන් ගනුම් කටයුතු කරන අය පරිස්සම් වියයුතුමයි...තමන්ගේ රහස් තොරතුරු(Confidential) නොදැනුවත්ව ඔය Virus හදන අයගේ Servers වල Data base වල ලියා ගන්නවා.
අනේ හොදට මතක තියාගන්න ඔය TOOL BARS නම් ගන්න එපා.
උදා:- Google tool bar
Virus guard වලින් දෙන tool bar
Media player වලින් දෙන tool bar (Realplayer/TheKMP) වගේ එවා.
Free දෙනවා නම් කුනුම තමයි දෙන්නේ මතක තබාගන්න.
Free සහ Trial දෙන Anti Virus
Free දෙනවා මුලින්...ටික දවසක් ගිහින් Scan එහෙම කරලා Virus Delete karanna නැත්නම් Errors Fix (දෝෂ හදාගන්නක) ගියාම සල්ලි ගෙවන්න කියනවා...ඔන්න වැඩේ...තව බොරු Link දෙනවා.
ඔයාලා දන්නවාද Virus Guard එකකින් මොකක්ද වෙන්නේ කියලා...???
ඒකත් ප්‍රෝග්‍රෑම් කරන කෝඩින්..මෙතෙක් හදුනා ගත් Virus file වල නම් සහ (Signate) කරපු තොරතුරු දැනගෙන Delete කරන එකයි. ඉතින් Virus guard යාවත්කාල(UPDATE) කරගන්න ඕනෙ එකටයි. Update නොකලොත් වෙන්නේ අපේ Virus Guard ekata අලුතෙන් එන Virus හදුනා ගන්න බැරිවෙන එකයි.
මොකද Virus ක්‍රියා කරන ආකාර හදුනා ගන්න ක්‍රම අපේ V.Guard එකේ තියෙන නිසා.
අපේ Computer වලට Virus එන්න හේතු මෙන්න මේවායි.
01. OS එකේ (Operatin System) තිබෙන අඩුපාඩු (Bugs)නිසා උදා:- Codin Errors..
ඔය bugs කිය්න වචනය හැදුනෙත් හොයාගන්න බැරි ලෙඩක් ආවලු...බලන කොට mother board එකේ "මකුනෙක්" හිටියලු.. ඒක නිසයිලු bug කියන වචනෙ යෙදුනෙ.😂
02. Third Party Softwares (තුන්වෙනි පන්තිය කියන්නෙ පහත් පන්තිය යන්නයි. අපි ඔය free කියලා ගන්නෙ. තව crack කරන්නේ..ඔන්න ඔවට.
03. සමහර videos බලන්න ගියාම කියනවා flash updte කරන්න කිය්ලා..
තව download manager එකත් දාගන්න කියනවා.
මන් කලින් කිව්ව ටූල් බාර් ...ඔය වගේ ඒවා.
04. නොදන්නා Email
05. අපිව හිත් අදගන්නා පින්තූර
06. Torent Download කිරීම සහ ඒවාගේ crack Instal කරන්න යනවිට අපේ virus guard එක ටික වේලාවකට නවත්වන්න කියලා එන Messages.
ඔන්න ඔතකොට තමා trojan කියන ඒවා එන්නේ..අපි නොදැනම පතිත වෙනවා. විශේෂයෙන් අපි Internet බවිතේදී නම් සාලකිලිමත් විය යුතුමයි. Downloadin කරනකොට ඔයාලට ඕනවෙන Softwares අදාල web site එකෙන්ම ගන්න උත්සහ කරන්න. Computer එකට Drivers Download කර ගන්නවානම් ඒකට අදාල website එකෙන්ම ගන්න.නැත්නම් මාසෙකට තුන් හතර වතාවක් Computer එක Format කරන්න වෙයි. ඒ කරලත් ආයෙත් දාන්නේ Crack කරපු Operatin System එකක් නම් Sorry ම තමා.
දැන් ඔයාලා Document එකක් නැත්නම් Site එකක් බැලුවත් ඇති Virus එන්න. ඒවා නමින් Trojan තමයි හදුන්වන්නේ.
ඔයාලා නොදන්න සහ දන්න නම් වලින් Skype /facebook/ msn/ Gmail/ Gtalk/Yahoo mail වගේ ඒවාගෙන් එක එක link ඒවි. ඒවාට click කරන්න නම් එපා😈.චැට් කරන අවස්ථාවලත් එහෙම වෙන බව මතක තබා ගන්න.
ඉතින් මේ Virus වලින් මිදෙන්න නම් මෙන්න මේ ටික වත් අනුගමනය කරන්න වග බලාගන්න.
* ඔයාලගේ Windows Operatin System එක යාවත්කාල(Update) කරගන්න.
*. FREE Software Crack භාවිතයෙන් වැලකී සිටීම.
*. ඔයාලගේ User Account වල Administrator Account උසෙ නොකර ඉන්න තරමටම හොදයි.
*. Internet Explorer වෙනුවට Google Chrome භාවිත කරන්න.
*. Flash Java Install නොකර Internet Browser වල (Google Chrome /Firefix) java Scipt නවතලා(Disable)කර දාගන්න.
*. Portable Media Drives (USB) Autorun වෙන එක නවතා දමන්න. ඕනවන Software අදාල website එකෙන්ම ගන්න.
උදා:-
Skype / Windows service pack/Vlc player
Viber වගේ ඒවා.
*. සිත් ඇදගන්නා වචන වලින් සහ පින්තූර වලින් එන LINKS වල ක්ලික් නොකර ඉන්න.
*. Microsoft Security Essential install කර්ගන්න.
ඉතින් මේ සියලු විස්තර ඔයාල වෙනුවෙන් ගෙනාවේ මා සේවයේදීත් එදිනෙදා ජීවතයේදීත් ලද අත්දැකීම් සහ අන්තර්ජාල පරිශීලනයෙන් වගේම ඉගෙන ගත් දේවල ප්‍රතිඵලයෙන්.
මෙසේ කරන්නෙ හුදෙක් ආත්ම සතුට සහ අපේ අනගත පරපුරට හොද දෙයක් දායාද කිරීමේ අභිප්‍රායෙන් සහ පරම යුතුකමක් ලෙස සිතන නිසාවෙනි. අද සාමාජය රුපියල් සත මත සියලූම දෑ ඇති බැවින් අපේ සමජයේ (අපේ රටේ) බොහෝ අය නොදන්නා අය නොමග යවන්නට දරන උත්සහය ටික දුරකට හෝ වලකමු.
Comment සහ Like නොකලට කිරීමට වඩා යමක් ඔයාල යමක් අවබොද කරගත්තානම් ඒක ගොඩාක් වටිනවා.
ස්තූතියි ...
මම
Nirosh Gunathilaka
South Korea
niroshra@gmail.com
+821021453219
+821046895267

No comments:

Post a Comment