iPhone Jailbreak ගැන අපේ iPhone use කරන යාලුවන්ට වැදගත් පණිවිඩයක් අද මම කතාකරන්න හදන්නේ iPhone සහ iPhone Jailbreak කියන්නේ මොනවාද? මොකක්ද කියලයි. ඔයාලා ගොඩාක් අය දන්නවනේ ලෝකයේ තිබෙන SMART PHONE වලින් හොදම ,මිල අධිකම සහ සිත් ඇදගන්නා නිමාවෙන් යුත් PHONE වර්ගය තමයිiPhone,iPad කියලා.අපි කෙලින්ම කතාව පටන්ගමු වැඩි විස්තර නැතුව.බොහෝ අය අහනවා...කියනවා... මොනවද මේ iPhone UNLOCK කරනවා කියන්නේ? කොහොමද කරන්නේ? මොනවාද මේ ලොක් (LOCK) කියලා.මම මීට පෙර ඔය LOCK ගැන නම් කිව්වා.අද කියන්නෙ Jailbreak ගැනයි.මේ කතාවට හොද ඉතිහාසයක් තියනවා. මෙන්න මෙයා තමයි වැඩකරු "George Hotz" නමින් උපත 1989 ඔක්තෝබර් 2. මල්ලි කෙනෙක්. එයාගේ software එකේ නම තමයි Purplera1n සහ Blackra1n. (පර්පල් රෙයින් කීවට i අකුරට භාවිතා කලේ 1.බ්ලැක් රෙයින් කීවට i අකුරට භාවිතා කලෙත් 1.ඒ දවස්වල අපි use කලේ iPhone 2g /3g /3gs.Jailbreak කලේ iOS 3 / 3.1.2 වගේ... තුන්වෙනි පරම්පරාවේ Devices. දැන් අවුරුදු 8 කට විතර කලින් තමා මුලින්ම ඔය වැඩේට මම අත ගැහුවේ.ඉස්සරට වැඩිය දැන් ගොඩක් වෙනස්නේ. ඉතින් මේ ගැන නොදන්න අය අපි අතරේ ඇති කියලා හිතනවා.. ඒ අයටයි මේ කියන්නේ.ඇත්තටම සරලව කීවොත් Jailbreak කරනවා කියන්නේ Apple iOS (i Operatin System)තිබෙන iPhone /iPad /iPod Touch/ Apple TV වලට තියෙන බාදාවල් (restrictions) ඉවත් කරලා හරියට අපිටම ඔනේ විදියට සෙල්ලම් දාන්න (customize) කරගන්න පුලුවන් තත්වෙට හදාගැනීමයි.ඔය Android කට්ටිය root කන්නේ...අන්න ඒ වගේම සිද්ධාන්තයක්.මෙහි තිබෙන පහසුකම් බැලුවොත් උදා:-*. Ringtone දාගන්න*. Themes දාගන්න*. Appstore එකේ සල්ලි දීලා ගන්න තියෙන App free ganna.(Cydia කියන්නේ ඒකටයි)*. කවුරුත් ආස සින්දු (Videos/Mp3) Download කරන්න. වගේ ඒවා.හැබැයි අපි iPhone එක හෝ ඕනෑම Device එකක් jailbreak කරන්න කලින් iDevice එකේ Baseband Version සහ iOS Upedate වෙලා තියෙන Version එක බලපානවා.Jailbreak කිරීම ආකාර දෙකක් තියෙනවා.01. Tethered Jailbreak02. Untethered Jailbreak01. මෙතන Tethered Jailbreak කියන්නේ jailbreak කරාට පසු... යම්කිසි වෙලාවක Phone එකේ Battery බැහැලා Off උනොත්.... Phone eka On කරන්න Computer එකක්ම ඕනේ. ඒ මොකද දන්නවාද? Phone එකේ Kernel Patch කරන්න පුලුවන් Computer එකට විතරයි. Tethered jailbreak කරපුවා Untethered කරගන්න එක්කෝ Cydia වලින් Patch එකක් අරන් නැතිනම් Tool එකකින් නැවත jailbreak කිරීමයි.02. Untethered jailbreak කියන්නනේ phone එක off උන අවස්තාවක computer අවශ්‍ය වෙන්නේ නැහෑ on කරගන්න. ඉතින් කවුද මේ jailbreak හදන්නේ? පසුගිය දිනවල නම් චීන කන්ඩයම් තමයි මේ වැඩේ කලේ. මෙයාලා Hacker Team එකක් (iDevice Hackers)මෙහෙම හැක් වෙන්නේ iOS හි තියෙන දුර්වල තැන් සොයාගෙනයි.මේ jailbreak කිරිමට තිබෙන Softwares free Download කරගන්න පුලුවන්. හැබැයි jailbreak කලාම ඔයගේ Apple සමාගමෙන් ලැබෙන වගකීම නැතිවෙනවා. නමුත් නැවත iTunes සමග Restore කිරීමේ හැකියව තියෙනවා.ඉතින් අපි අපේ ඊලග Video එකෙන් බලමු මොනවද iPhone එකක් jailbreak කරන්න iPhone එකක් මොන තත්වයෙන් තිබිය යුතුද? මොනවද භාවිතා කරන Software Tools කියලා.ස්තූතියි ...Nirosh Gunathilaka South Korea Ulsan niroshra@gmail.com+0821021453219+0821046895267
Posted by Nirosh rexey on Sunday, November 22, 2015
Tuesday, 29 December 2015
Iphone jailbreak කරනවා කියන්නේ මොකක්ද?
Subscribe to:
Post Comments (Atom)
jailbrake karala ipad 1 ekak update karanna barida
ReplyDelete