Tuesday 29 December 2015

I cloud Account එකක් හදාගන්නේ මෙහෙමයි

Aplle iPhone use කරන්න අවශ්‍යම දෙයක් තමයි
Apple ID එක... ඒ වාගේම
iCloud Account එකක්
මේ දෙකෙන් Primary ID එක වෙන්නේ Apple ID එකයි. Apple සමාගමෙන් Apple ID එකක් තියෙන කෙනෙකුට Free iCloud account එකක් දෙනවා. iCloud වලින් විශේෂ වැඩ ගොඩක් කරගන්න පුලුවන්.
ඉතින් ඒ නිසා අද අපේ යාලුවන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද iCloud Account එකක් හදාගන්නේ කියලා. දැන් ඔයාලා අහයි එතකොට Apple ID කොහොමද හදන්නේ කියලා. ඒකත් කියලා දෙනවා.
(මේ දිනවල තිබෙන වැඩ අධික බව නිසා ටිකක් ප්‍රමාද වෙනවා)
iCloud Account එක සෑදීමට මූලික පියවරේ සිට ඉදිරියට පියවර 16කින් සමන්විතයි.
අපැහැදිලි නම් හොදට මේක කියවන්න.
*. පලමු පියවර
iPhone /iPad /iPodTouch ...
Settings ඕපෙන් කරගන්න.
*. දෙවන පියවර
ඊට පස්සෙ Mail,Contacts,Calendar
ඕපෙන් කරගන්න.
*. තුන්වෙනි පියවර
Add Account ක්ලික් කරන්න.
*. හතරවෙනි පියවර
උඩින්ම තියෙන iCloud ක්ලික් කරන්න.
*. පස්වෙනි පියවර
Get a Free Apple ID ක්ලික් කරන්න.
*. හයවෙනි පියවර
ඔයාලගේ උපන්දිනය දෙන්න.(Birthday එක)
*. හත්වෙනි පියවර
Next (ඊලග) ක්ලික් කරන්න
*. අටවෙනි පියවර
First Name පලමු නම
Last Name අවසාන නම
දෙන්න.
* නවවෙනි පියවර
Get a free iCloud Email Address ක්ලික් කරන්න. එතකොට ඒකට හරියක් වැටෙනවා
කැමතිනම් Use Your Current Email Address දීලා යන්නත් පුලුවන්.ඊට පස්සෙ next ක්ලික් කරන්න.
*. දහවෙනි පියවර
දැන් තමයි ඔයාල ඔයාලගේ iCloud Email name නම හදාගනේ. මෙතන කෙටි නමක් භාවිතා කරන්න. උදා:- නම kalum kasthuri නම් kalumkas@icloud .com වගේ
දැන් next ක්ලික් කරන්න.
*. එකොලොස්වෙනි පියවර
දැන් කැමති පාස්වර්ඩ් (password) එකක් දෙන්න.
Password ඉදිරියෙන් ඔයාලගේ පාස්වර්ඩ් එක
Verify ඉදිරියෙන් කලින් දාපු පාස්වර්ඩ් එකම.
Password එක අකුරු හෝ ඉලක්කම් 8 කට වැඩිවිය යුතුයි. පලවෙනි කොටුවේ password එක type කරලා දෙවෙනි කොටුවෙත් මුලින් type කල එකම type කරන්න. ඒකට කියන්නෙ password Conformation කියලා.
*. දොලොස්වන පියවර
දැන් next ක්ලික් කරන්න.
*. දහතුන්වන පියවර
ඊට පස්සෙ දෙන security ප්‍රශ්ණයට උත්තරය දෙන්න
උදා:- what was the name if your first pet?
ඒ අහන්නේ ඔයාලගේ පලවෙනි සුරතලාගේ නම මොකක් වෙලාද තිබුනේ කියලා. නිකන් කැමති නමක් දෙන්න. මේක මතක තබාගතහොත් යම්කිසි දිනෙක ඔයාලගේ password එක අමතක උනොත් ඒක නැවත reset කරගන්න පහසුයි.මොකද ඔයාලගේ account එකේ යම්කිසි වෙනස් කම් කරන අවස්තා වලදීත් ඕන වෙනවා.
*. දාහතරවන පියවර
මෙතනදී ඔයාලට Rescue Email එකක් දෙන්න පුලුවන්...ඒ කිවේ සමහර වෙලාවක අමතක password එක reset කරගන්න වෙලාවක. මේක නොදා ඉන්නත් පුලුවන්.next ක්ලික් කරන්න.
*. පහලොස්වන පියවර
Email Updates ඉදිරියෙන් තියෙන button එක ක්ලික් කරලා Toggle Switch On කරන්න. එතනින් වෙන්නෙ ඔයාලට Apple ලාගෙන් uodates messages එන එකයි. දැන් Next කරන්න.
*. දහසයවන පියවර
දැන් දකුණු අත පහල කෙලවරේ Agree button එක උඩ ක්ලික් කරන්න.
ඔයාලා ඔයාලටම iCloud Account එකක් හදාගෙන අවසානයි.
ස්තූතියි ....
Nirosh Gunathilaka 

Aplle iPhone use කරන්න අවශ්‍යම දෙයක් තමයි Apple ID එක... ඒ වාගේමiCloud Account එකක්මේ දෙකෙන් Primary ID එක වෙන්නේ...
Posted by Nirosh rexey on Thursday, November 26, 2015

No comments:

Post a Comment